පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු දහයකින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු එකසිය අසූ අටක් ලබාගත් අතර ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 283 කට සීමා වුණා.

දෙවන ඉනිමේදී කොදෙව් පිතිකරුවන් ලකුණු එකසිය විස්සකට දවා ගන්නට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ජෝස් හේසල්වුඩ් ලකුණු 35 කට කඩුලු 5 ක් බිඳ හෙළා තිබෙනවා.

ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 26 කිසිවෙකු නොදැවී ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළ ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »