ලෙගෝ ඇසුරුම්වල නීතිවිරෝධී ද්‍රව්‍ය

ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂ හයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සමත් වුණා.

මෙල්බන් දකුණු ප්‍රදේශය ආශ්‍රිත ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

එහිදී ම විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සහ කෘත්‍රිමව මත්ද්‍රව්‍ය සැකසීමට භාවිත කරන රසායන ද්‍රව්‍යය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වෙත තිබී ඩිජිටල්  උපකරණ කිහිපයක් සහ උණ්ඩ කිහිපයක්ද සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

ලෙගෝ ඇසුරුම් 74 ක් පරීක්ෂා කළ පොලීසිය ඒවායෙහි තිබී සැකසහිත උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

 Morwell  ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුට එරෙහිව චෝදනා 10 ක් ඉදිරිපත් කෙරෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »