පියාගේ දිවි ගලවාගත් 7 හැවිරිදි දරුවා

7 හැවිරිදි කුඩා පිරිමි දරුවකු  හදිසි සේවා 000 යන ක්ෂණික අංකය අමතා තම පියාගේ දිවි බේරාගත් පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයකු නිවසේ දී හදිසියේ රෝගාතුරව ඇති අතර ඔහු සමග වයස අවුරුදු 7ක් වන පුත් පමණක් එම අවස්ථාවේ සිටි බවයි වාර්තා වන්නේ.

පාසලේදී හඳිසි අවස්ථාවක් සඳහා මුහුණ දිය යුතු ආකාරය ගැන සිදු කල පුහුණු වැඩසටහන අනුව 7 හැවිරිදි දරුවා ක්‍රියා කිරීමට සමත්ව තිබුණා.

වෛද්‍යවරුන් වහා නිවසට පැමිණිමත් සමග රෝගීයා ගිලන් රථයෙන් රෝහල වෙත යොමු කල අතර ඔහු මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා තිබෙනවා.

පාසලේ ලඳ පුහුණුවත් සමග දරුවා පියාගේ රෝග ලක්ෂණ නිවැරදිව වෛද්‍යවරුන්ට පවසා ඇති අතර එය වෛද්‍යවරුන්ට ද රෝග විනිශ්චය සඳහා පහසුව තිබුණා.

වික්ටෝරියානු පාසැල් තුළ හදිසි ප්‍රතිකාර සේවා සඳහා පවත්වනු ලබනු වැඩසටහන් ඒ අනුව ඇගයීමට ලක්කර ඇති අතර එම සේවා තවදුරටත් පුලුල් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »