විද්‍යුත් වාහන භාවිතය සම්බන්ධ පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් විද්‍යුත් වාහන භාවිතයට මාරු වීම සම්බන්ධයෙන් දේශගුණික, බලශක්ති සහ පාරිසරික කටයුතු පිළිබද ස්ථාවර කමිටුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කමිටු සභාපති ටෝනි සැපියා සඳහන් කළේ ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන් නව මෝටර් රථයක් මිලදී ගැනීමේදී වැඩි වැඩියෙන් විද්‍යුත් වාහන තෝරා ගන්නා බවයි.

2023 දී අලෙවි කරන සියලුම නව මෝටර් රථවලින් සියයට 7.2ක් විද්‍යුත් වාහන බව සඳහන්.

කෙසේ වෙතත් 2022 වසරේ විද්‍යුත් වාහන අලෙවිය සියයට 3කින් පහළ බැස තිබුණා.

ඉන්ධන ඉතිරිකිරීම් සහ දැරිය හැකි මිල ගණන් යටතේ ලබා ගත හැකි වාහන පිළිබඳවද කමිටු වාර්තා මගින් අධ්‍යයනය සිදු කරනු ඇති.

විද්‍යුත් වාහන වල බැටරි ධාරිතාව සහ මෙරට විදුලි ඉල්ලුමට ඉන් සිදුවන බලපෑම ගැන ද අවධානය යොමුව තිබෙනවා.

2024 මාර්තු 22දා මේ සම්බන්ධ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙරට තුළ විද්‍යුත් වාහන සංක්‍රමණය වීමට සහාය වීමට අවශ්‍ය සම්පත් පිළිබඳව ද අවධානය යොමු වනු ඇති.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »