ඖෂධීය කේරල ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් ඔස්ට්‍රේලියාවේ Ballarat’s විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.
ඖෂධීය ගංජා ඉරුවාරදය, පිළිකා ආශ්‍රිත රෝග ලක්ෂණ, අපස්මාරය සහ නිදන්ගත වේදනාව ඇතුළු රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.
ෆෙඩරල් නීතිය අනුව ඖෂධීය කේරල ගංජා ලබා ගත හැක්කේ වෛද්‍යවරයෙකු මගින් වන අතර සම්මත බෙහෙත් වට්ටෝරුවක් ද සමගයි.
අදාළ පාඨමාලාව වසර 2ක් කාලයක් පවතින අතර සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන් සඳහා බලපත්‍ර සහිතව ඖෂධීය කේරල ගංජා කර්මාන්තයේ නියලීමට හැකිවනු ඇති.
ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා කර්මාන්තයේ වාර්ෂික වටිනාකම ඩොලර් මිලියන 250 කට වැඩි වන අතර ඉදිරි වසර 5ක කාලසීමාව තුළ සෑම වසරකම එහි අගය සියයට 40ක වර්ධනයක් අපේක්ෂා කරන බව සඳහන්.
මේ අතර 2028 වසර වන විට රෝගීන් 250000 කට වඩා වැඩි පිරිසක් වෛද්‍ය සේවා තුළ ඖෂධීය ගංජා භාවිත කරනු ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පුරෝකථනය කර තිබෙනවා.