Search

බාලවයස්කාර දැරියක සම්බන්ධ චෝදනාවෙන් Josh Giddey  නිදහස්

බාල වයස්කාර දැරියක් හා සම්බන්ධතාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා පැසිපන්දු ක්‍රීඩක  Josh Giddey  ට එරෙහිව කැලිෆෝනියා පොලිසිය විසින් ගෙන ගිය විමර්ශන නවතා දමා තිබෙනවා.

ඒ අනුව Josh Giddeyට එරෙහිව පැවති චෝදනා වලින් ඔහු නිදහස්ව ඇති බව සඳහන්.

පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු සාක්ෂියක් හමු නොවු බවයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සහ විඩියෝ පට කිහිපයක් මුල් කරගනිමින් ඔහුට එරෙහි චෝදනා ගොනුව තිබුණා.

එම ඡායාරූප සහ විඩියෝ පටවල සිටි තරුණිය බාලවයස්කාර දැරියක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රචාර ගෙන ගියා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන පසුගිය නොවැම්බර් මස ආරම්භ වු අතර සියලු චෝදනා වලින් Josh Giddey නිදහස් වී තිබෙනවා.

Josh Giddey තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා පැසිපන්දු ක්‍රීඩාවට එක්වු ලාබාලතම ක්‍රීඩකයා Josh Giddey වන අතර 21 හැවිරිදි ඔහු ජූලි මාසයේදී ආරම්භ වන පැරිස් ඔලිම්පික් උළෙලේ සඳහා එක්විමට ද නියමිතයි.

 

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »