T20 තරගාවලි ජය 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ සමග පැවති T 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

දෙරට අතර අවසන් තරගයේදී මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 82 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා. 

නායක වනිදු හසරංග කඩුලු 4 ක් බිඳහෙලා ඇත්තේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්.

තරගය කඩුළු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 39 යි. 

වනිදු හසරංග තරගයේ වීරයා වූ අතර තරගාවලියේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කෙරුණා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »