Search

එවෙලේම Audio පරිවර්තනය කරන ජංගම දුරකථන

කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු නව ජංගම දුරකථන හඳුන්වාදීමට Samsung සමාගම  පියවර ගෙන තිබෙනවා.

Galaxy S24, S 24 Plus සහ Galaxy S 24 Ultra ලෙසයි නව දුරකථන ය නම් කර තිබෙන්නේ.

නවීන තාක්ෂණයෙන් යුත් කැමරා සහ ඡායාරූප සංස්කරණ හැකියාව මෙම දුරකථන සතු බවයි Samsung සමාගම පෙන්වා දෙන්නේ.

දුරකථන සංවාද  සජීවීව අවශ්‍ය භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව ද නව දුරකථනවල අන්තර්ගත වෙනවා.

ඊට තුන්වන පාර්ශවයක සහායක් අවශ්‍ය නැති බවයි සමාගම පෙන්වා දෙන්නේ.

උදාහරණයක් ලෙස බ්‍රසීල භාෂාවෙන් දුරකථන ඇමතුමක් ලබාගන්නේ නම් එහි ඔබට අවශ්‍ය භාෂාවට  පරිවර්තනය ශ්‍රවණයට සහ ජංගම දුරකථන තිරය මතට එවේලේම ලැබෙන බවයි සඳහන් වන්නේ.

ලබන මාසයේ 07 දා සිට කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු මෙම දුරකථන මිලදී ගත හැකි බව Samsung සමාගම පවසනවා.

 

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »