කාන්තාවන්ට රජයෙන් ඩොලර් මිලියන දෙකක්

කාන්තාවන්ගේ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ඔස්ට්‍රේලියා රජය පවසනවා.

සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහන් රැසක් ඒ යටතේ ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.

එහි තවත් පියවරක් ලෙස එන්ඩොමෙට්රියෝසිස් පාලනය වෙනුවෙන් ඩොලර් මිලියන 2 කට වැඩි මුදලක් වෙන් කරන බවයි රජය පවසන්නේ.

ඒ යටතේ ඔස්ට්‍රේලියාව තුළ එන්ඩොමෙට්‍රියෝසිස්  සහ ශ්‍රෝණි වේදනා සම්බන්ධ සෞඛ්‍ය මධ්‍යස්ථාන විසි දෙකක් ස්ථාපනයට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යයන වලින් හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගෙන් සියයට දහයකට වැඩි පිරිසක් එන්ඩොමෙට්‍රියෝසිස් වලින් පීඩාවට පත්ව ඇති බවයි.

එය දෛනික කාර්යවලට සහ ව්‍යායාමවලට බාධාවක් වන අතර සමාජශීලී ස්වභාවය බිඳවැටීමටද හේතුවක් වෙනවා.

මද සරුභාවය සහ ලිංගික ශක්තිය අඩු වීමටද මෙය බලපාන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

එවැනි හේතු වලට අවධානය යොමු කරමින්  සෞඛ්‍ය මධ්‍යස්ථාන  කාන්තාවන් වෙනුවෙන් ස්ථාපනයට රජය සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »