ඔස්ට්‍රේලියා ආර්ථික අර්බුදයෙන් අධ්‍යාපනයට බලපෑම්

ඔස්ට්‍රේලියා ආර්ථික අර්බුදය අධ්‍යාපනයට සෘජුව බලපාන බව අධ්‍යයනයකින් හෙළි වුණා.

අධ්‍යයනය සිදුකළ “ The Smith Family ” ප්‍රධාන විධායක ඩග් ටේලර් කියාසිටින්නේ බොහෝ පවුල් දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක  සම්පූර්ණ කරන්නේ කෙසේදැයි සිතමින් සිටින බවයි.

ඔස්ට්‍රේලියා අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම තත්ත්වය දැඩිව බලපාන බව ද අධ්‍යයනයේදී හෙළිව තිබුණා.

පාසැල් නිල අඳුම්, පාවහන් සහ පාසල් උපකරණ වල මිල වැඩි වී තිබෙනවා.

එය දෙමාපියන්ට ගැටලු සහගත තත්ත්ව නිර්මාණය කර ඇති බවයි ඩග් ටේලර් පෙන්වා දෙන්නේ.

අධ්‍යයනයට ලක්වූ  සෑම වැඩිහිටියෙක්ම සඳහන් කර ඇත්තේ තම දරුවන්ට වඩා යහපත් අධ්‍යාපනයක් ලබා දීම අතිශය වැදගත් යැයි විශ්වාස කරන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »