රැකියා විරහිතභාවය ගැන නවතම වාර්තාව

ඔස්ට්‍රේලියා රැකියා විරහිතභාවය පිළිබඳ නවතම වාර්තාව නිකුත් කෙරුණා.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ රැකියා විරහිත ප්‍රමාණය සියයට 3 යි දශම 9 ක්. 

එය රැකියා විරහිතභාවය ස්ථාවර වීමක් බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන්නේ. 

එහෙත් පසුගිය මාසය තුළ පුද්ගලයන් 65,000 කට රැකියා අහිමි වී තිබෙනවා.

එහෙත් පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයේදී රැකියා අවස්ථා රැසක් නිර්මාණය වූ බව ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ කම්කරු දත්ත ප්‍රධානී ඩේවිඩ් ටේලර් පෙන්වා දෙනවා.

 

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »