දුර ධාවනයට පෙට්‍රල් ද ? EV ද ?

පෙට්‍රල් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ දෙකක් මෙල්බන් සිට සිඩ්නි දක්වා ධාවනය කර ඒවායෙහි කාර්යක්ෂමතාව අධ්‍යයනය කර තිබෙනවා.

නගර දෙක අතර මෝටර් රථ ධාවනය වූ දුර කිලෝමීටර් 900 ක්.

BMW 740 i පෙට්‍රල් මෝටර් රථය සහ BMW i 7 විද්‍යුත් මෝටර් රථය අධ්‍යයනයට යොදාගත් බවයි, කාර් එක්ස්පර්ට් ආයතනය පවසන්නේ. 

ධාවනය අවසානයේ හෙළිවූයේ කාර්යක්ෂමතාව සහ වැයවන මිල අනුව පෙට්‍රල් මෝටර් රථය ඉදිරියෙන් සිටින බවයි.

පෙට්‍රල් මෝටර් රථයේ ගමනට වැයවූ මුදල ඩොලර් 118 ක් වන අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙනුවෙන් ඩොලර් 132 කට ආසන්න මුදලක් වැය වී තිබෙනවා.

ධාවනය අවසානයේ කාර් එක්ස්පර්ට් නිර්මාතෘ පෝල් මැරික් කියාසිටියේ, අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් ලැබී ඇති අතර, නාගරික ධාවනයේදී විදුලි මෝටර් රථ ලාභදායී බවයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »