වසර 12කට පසු Samsung අභිබවා Apple ඉදිරියට

වසර 12කට පසු ලොව ප්‍රථම ස්ථානයේ පැවති Samsung සමාගම අභිබවා Apple සමාගම ගෝලීය smartphones වෙළඳපොළේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) දත්තවලට අනුව පසුගිය වසරේ නැව්ගත කරන ලද ස්මාර්ට් ජංගම දුරකතන වලින් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඇමරිකානු දුරකථන දැවැන්තයා වන Apple සමාගම සතු වූ බවයි වාර්තා වන්නේ.

සමස්තයක් ලෙස පසුගිය වසරේ ජංගම දුරකතන බිලියන 1.2 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව IDC වාර්තා පෙන්වා දෙනවා.

එය පෙර වසරට වඩා 3% ක පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.

ආර්ථික අභියෝග සහ ඉහළ පොලී අනුපාත හමුවේ බොහෝ පාරිභෝගිකයින් smartphones මිලදී ගැනීම අඩු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ මෙම වසරේදී smartphones වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

https://www.theguardian.com/technology/2024/jan/17/apple-samsung-worlds-top-smartphone-seller-iphone-honor-google-divide-android

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »