Destination Australia යටතේ සිසුන් 550 කට ශිෂ්‍යත්ව

Destination Australia වැඩසටහන යටතේ 2024 අධ්‍යයන වර්ෂය සඳහා දේශීය සහ ජාත්‍යන්තර සිසුන් 550 කට ආසන්න පිරිසකට ඩොලර් 15000ක් දක්වා ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය හා ජාත්‍යන්තර සිසුන් ද මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

වසර 1 සිට 4 දක්වා අධ්‍යාපන කටයුතුවල නිරතවීමට එමගින් සිසුන් අවස්ථාව හිමිවන බව සඳහන්.

Destination Australia 2024 වැඩසටහන ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශ වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය අරමුණු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක්, පුහුණුව සහ පර්යේෂණ සිදු කිරීමට අවස්ථාව ලැබීමද විශේෂත්වයක්.

සිසුන් 551ක් සදහා ශිෂ්‍යත්වපිරිනැමීමට ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සැපයුම්කරුවන් තිස් දෙදෙනෙකු මේ වනවිට එකඟ වී ඇති බව සඳහන්.

මේ සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »