
කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙහෙයවීම වෙනුවෙන් උපදේශක මණ්ඩලයක් පත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඇතිවිය හැකි විවිධ ගැටලු පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේද සැකසීමයි, එහි අරමුණ.
කර්මාන්ත හා විද්‍යා අමාත්‍ය එඩ් හියුසික් කියාසිටින්නේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු අතර ඉන් සිදුවිය හැකි හානි ද වලක්වා ගත යුතු බවයි.

පළමු පියවර වශයෙන්, කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කළ නිෂ්පාදන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමයි අවධානය යොමුව ඇත්තේ.
ඒ යටතේ අනන්‍යතා සලකුණු ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා අතර සියලු නිෂ්පාදනවල එම සලකුණු ඇතුළත් කිරීම අනිවාර්ය වනු ඇති.

ඒ අනුව නිෂ්පාදිත භාවිත කරන්නන්ට එය කෘත්‍රිම බුද්ධිය යටතේ කරන ලද නිෂ්පාදනයක් බව හඳුනාගැනීමේ අවස්ථාව ඇතැයි අමාත්‍යවරයා පවසනවා.