Cash Rate වැඩි වෙයි ද ?

ඔස්ට්‍රේලියාවේ Cash Rate වැඩි නොවනු ඇතැයි මත පළ වෙනවා. 

Cash Rate සම්බන්ධ නිල තීන්දු ගැනීම සඳහා ෆෙඩරල් රිසර්ව් බැංකුව ලබන 03 වනදා රැස්වෙනවා.

එහිදී බොහෝදුරට Cash Rate වෙනසකින් තොරව පවත්වා ගනු ඇති බවයි උපායමාර්ගික විශේෂඥ බෙන් පික්ටන් සඳහන් කරන්නේ. 

දැනට Cash Rate පවතින්නේ සියයට 4 යි දශම 3 යි 5 ක මට්ටමේ. 

එය ලබන නොවැම්බර් වනවිට අඩු කරනු ඇති බවයි පික්ටන් පෙන්වා දෙන්නේ.

එතෙක් වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බවත්, පවතින තත්වයේම එය රඳවනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »