කොදෙව්වන් 188 කට සීමා වූ පළමු දිනය

බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු පනස් නවයක් ලබා සිටිනවා.

නොදැවී ක්‍රීඩා කරන්නේ් කැමරුන් ග්‍රීන් සහ උස්මාන් කවාජා.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ලකුණු 12 කට දැවී ගියා. 

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 188 කට සීමා වුණා.

කර්ක් මැකෙන්සි ලකුණු 50 ක් ලබාගත් අතර ෂමාර් ජෝශප් ලකුණු 36 කට දැවී ගියා. 

ජෝස් හේසල්වුඩ් සහ නායක පැට් කමින්ස් කඩුලු 4 බැගින් බිඳ හෙළා තිබෙනවා.

ඇඩිලේඩ්හි පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »