
ගෘහස්ථ සහ පවුලේ හිංසනයට ලක්වන පුද්ගලයන්ට ලබා දෙන හදිසි මූල්‍යාධාර බහුතරයකට හිමි නොවන බව හෙළිව තිබෙනවා.
පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී පනස් හත් දහසකට අධික පිරිසක් හදිසි මූල්‍යාධාර ඉල්ලා සිටියා.
එහෙත් මූල්‍යාධාර ලැබී ඇත්තේ විසි නව දහසකට මදක් වැඩි පිරිසකට බවයි වාර්තා වෙන්නේ.

ගෘහාශ්‍රිත සහ පවුලේ හිංසනයට ලක්වන්නන්ට ඩොලර් එක්දහස් පන්සියයක මූල්‍යාධාර සහ ඩොලර් තුන් දහස් පන්සියයක් දක්වා භාණ්ඩ හා සේවා සැපයීමට පියවර ගැනෙනවා.
ආධාර ලබාගැනීම සඳහා වැඩි වශයෙන් ඉල්ලුම් කරන්නේ කාන්තාවන් බවයි ඔස්ට්‍රේලියා සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේවෙතත් ආධාර ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු නිශ්චිත ව හෙළි වී නැහැ.
ඇතැම් අවස්ථාවලදී ආධාර අපේක්ෂා කරන්නන් නැවත සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමේ ගැටලු උද්ගතව ඇතැයි ද සමාජ සේවා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.