
උද්ධමනය මේ වසරේ දී විශාල ලෙස අඩුවනු ඇතැයි බීටාෂෙයාර්ස් ප්‍රධාන ආර්ථික විශේෂඥ ඩේවිඩ් බසෙනීස් පවසනවා.
එය ශක්තිමත් ආර්ථික වර්ධනයකට සාධකයක් බවයි ඔහුගේ අදහස.
ඉදිරියේදී ෆෙඩරල් රිසර්ව් බැංකුව පොලි අනුපාත ද සැළකිය යුතු ලෙස අඩු කරනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.

එය නිවාස ආශ්‍රිත ආදායම් වර්ධනය සඳහා දායක වනු ඇති.
උද්ධමනය අඩුවීමට සාපේක්ෂව විරැකියාව ද මදක් වැඩිවනු ඇති බවයි ආර්ථික විශේෂඥයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ව අනුව 2024 අවසන් වනවිට ඔස්ට්‍රේලියා ආර්ථිකය සියයට 2 දශම 2 යි 5 කින් වර්ධනය වනු ඇතැයි ද ඔහු සඳහන් කරනවා.