Tesla Model 3 ආපසු කැඳවීමක්

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි වු වඩාත් ජනප්‍රිය ආනයනික  විද්‍යුත් මෝටර් රථයක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ ඇමරිකාවෙන් ආනයනික Tesla Model 3 වර්ගයේ විද්‍යුත් මෝටර් රථය වීම විශේෂත්වයක්.

ANCAP විසින් නිකුත් කල Five-Star ශ්‍රේණිගත ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි වීම මත අදාළ මෝටර් රථ කැඳවීමටයි සමාගම් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Tesla Model 3 නව මාදිලිය පසුගිය දෙසැම්බර් මස සිට ඔස්ට්‍රේලියාවට ආනයනය කර ඇති අතර අදාළ වාහන ආනයනයද මේ වන විටත් තාවකාලිකව නවතා ඇති බව සඳහන්.

විශේෂයෙන් වාහනයෙහි ළමා ආරක්ෂණ අසුනෙහි වු දෝෂ සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවෙන් ආනයනය කළ විද්‍යුත් මෝටර් රථ ඕස්ට්‍රේලියානු මාර්ගෝපදේශවලට පටහැනි වූ දෙවන අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් 2023 වසරේ දී  Tesla Model 3 ඔස්ට්‍රේලියාවේ දෙවන ජනප්‍රියම විද්‍යුත් වාහනය ලෙස ශ්‍රේණිගත වි තිබුණා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »