Search

Sunraysia Prune Juice නැවත කැඳවීමට පියවර

Sunraysia Prune ජූස් නැවත කැඳවීමට Food Standards Australia තීරණය කර තිබෙනවා.

බීම වර්ගයෙහි ඇල්කොහොල් ඇතිවීමේ අවදානමක් පැවතීම ඊට හේතුව බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව බීම වර්ගයෙහි ලීටරයේ ඇසුරුම් භාවිත නොකරන ලෙසයි පාරිභෝගිකයන්ට දැනුම් දී තිබෙන්නේ.

ලබන වසරේ දෙසැම්බර් 04 කල් ඉකුත් වන බව සඳහන් සියලු බීම ඇසුරුම් නැවත කැඳවෙනවා. 

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, වෙස්ටර්න් හා සවුත් ඔස්ට්‍රේලියා වල කෝල් හා වූල්ස්වර්ත් වෙළඳසැල් වලින් ඒවා අලෙවි කර තිබෙනවා.