ඔස්ට්‍රේලියාව තුළ Audi රථ සඳහා වැඩි ඉල්ලුමක්

ගෝලිය වෙළදපල තුළ Audi  විද්‍යුත් වාහන අලෙවිය සියයට 17කින් ඉහළ ගොස් ඇති බව සමාගම නිවේදනය කර තිබෙනවා

2023 වසරේ දී ගෝලීය වශයෙන් වාහන ලක්ෂ 18කව වැඩි ගනනක් බෙදා හරින ලද අතර එම අගය සියයට 17.4කින් වැඩි වි ඇති බව සඳහන්.

මෙම වාහනවලින් 178000කට වඩා වැඩි ප්‍රමාණයක් විද්‍යුත් මෝටර් රථ වීම විශේෂත්වයක්.

ඒ අනුව ලොව පුරා Audiවිද්‍යුත් මෝටර් රථ අළෙවිය 2023 වසරේදී සියයට 51කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

දැරිය හැකි මිල ගණන් යටතේ අලෙවි වු විද්‍යුත් මෝටර් රථ ලෙස Q4 e-tron ප්‍රචලිත වී තිබෙනවා.

Audi මාදිලියේ Audi Sport වාහන 48000ක් පමණ 2023 වසරේ ඇලෙවි ව ඇති අතර 2022 වසරට සාපේක්ෂව එම අගය සියයට 5ක වැඩි වීමක් බව සඳහන්.

ජර්මනිය Audi රථ සදහා ලොව විශාලතම වෙළඳපල වන අතර චීනය දෙවන විශාලතම වෙළඳපොල ලෙස සැලකෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ ද Audi රථ සඳහා වැඩි ඉල්ලුමක් පවතින අතර 2023 වසරේ ඔස්ට්‍රේලියාව තුළ වාහන Audi මෝටර් රථ 19039ක් අලෙවි කර තිබුණා.

එම අගය පසුගය කාලසීමාවට සාපේක්ෂව සියයට 29.2කින් වැඩි වීමක් බව සදහන්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »