AI නිසා රැකියා අනතුරේ

කෘතිම බුද්ධිය නොහොත් රොබෝ තාක්ෂණය ගෝලීය රැකියාවලින් සියයට 40කට බලපානු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  දියුණු ආර්ථිකයන් සඳහා එහි බලපෑම වැඩි අගයක් ගන්නා බවයි.

කම්කරු ශ්‍රමය රොබෝ තාක්ෂණය සහ මුසු කිරීමෙන් ඵලදායිතාව ඉහළ නැංවිය හැකි බවයි ආර්ථික විශේඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එමගින් රැකියා කප්පාදු මෙන්ම අඩු වැටුප් නිර්මාණය වීමේ වැඩි ඉඩක් පවතිනු බව සඳහන්.

මේ හේතුවෙන් ඇතැම් රැකියා ක්ෂේත්‍රයන්හි මිනිස් ශ්‍රමයට වු අවස්ථා සම්පූර්ණයෙන්ම නැතිව යන බව IMF වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කළේ ගෝලීය වර්ධනයත් සමග කෘතිම බුද්ධිය අත්‍යවශ්‍ය සාධකයක් වුව ද එම තාක්ෂණය රැකියා වලට ආදේශ කිරීමේ දී අසමානතාවක් නිර්මාණය වන බවයි.

මෙම තත්වය ඉදිරියේ දී ඉහළ වැටුප් ලබන රැකියා සඳහා ද බලපානු ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් රටවල් තම ශ්‍රමිකයින් හට රොබෝ තාක්ෂණික උපාංග හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »