වංචාකාරී සුපිරි වෙළඳ සැල් වලට එරෙහිව නීති ක්‍රියාමාර්ග

වංචාකාරී මිල ක්‍රමවේද භාවිත කරන සුපිරි වෙළඳ සැල් වලට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට ඔස්ට්‍රේලියාව සැලසුම්කර තිබෙනවා.

ඒ සඳහා නිරීක්‍ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි ඔස්ට්‍රේලියන් කම්පිටිෂන් ඇන්ඩ් කන්සියුමර් කොමිසම පවසන්නේ.

සුපිරි වෙළඳ සැල් අධික ලාබ ලබා ගන්නා බවට පසුගිය කාල සීමාවේදී චෝදනා නැගුනා. 

ඊට එරෙහිව  කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට පාර්ශව කිහිපයක් අදහස් පළ කිරීමත් සමග කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රජය කියා සිටියේ මිල පාලනය සඳහා මැදිහත්වීමට කොමිසමට හැකියාවක් පවතින බවයි.

මේ අතර වසර දෙදහස් පහළවේදී හඳුන්වාදුන් ආහාර සහ සිල්ලර ව්‍යාපාර ආචාරධර්ම පද්ධතිය නැවත විමර්ශනයට රජය තීරණය කර තිබෙනවා.

ඊට අවශ්‍ය සංශෝධන එක්කරමින් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සුදුසු  නව ක්‍රමවේදයක් සැකසීමයි අරමුණ.

ආචාර ධර්ම පද්ධතිය විමර්ශනය සඳහා හිටපු අමාත්‍යවරයෙකු සහ ආර්ථික විශේෂඥයෙකු වන ක්‍රෙග් එමර්සන් පත් කිරීමටද පියවර ගැනුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »