ඇඩිලේඩ් Jamestown ප්‍රදේශයේ භූ චලන 2 ක්

ඇඩිලේඩ් වලට උතුරින් පිහිටි Jamestown ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා.

එය ඇඩිලේඩ් වලටද දැනී ඇතැයි වාර්තා වෙනවා.

රිච්ටර් පරිමාණ ඒකක තුනයි දශම පහක ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයෙන් හානි සිදුවූ බවට වාර්තා වී නැහැ.

පුද්ගලයන් එකසිය තිහකට ආසන්න පිරිසක් භූ චලනය දැනුණු බව සඳහන් කර තිබෙනවා.

පළමු භූ චලනයෙන් පසු Jamestown ආශ්‍රිතව නැවතත් රිච්ටර් පරිමාණ ඒකක 1 යි දශම 8 ක භූ චලනයක් සිදුවුණා.

ඔස්ට්‍රේලියා භූ විද්‍යා ආයතනය කියාසිටින්නේ තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »