රිය අනතුරු මරණ සෙවීමට විශේෂඥයන්

මාර්ගවල තත්ත්වය සහ රිය අනතුරුවලට හේතු නිවැරදිව හඳුනාගත යුතු බව විශේෂඥයන් පවසනවා.

වසර ගණනකට පසු ඔස්ට්‍රේලියාවේ වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වුණා.

1266 දෙනෙකු මියගොස් තිබූ බවයි ෆෙඩරල් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ වසර දෙදහස් දහ නවයට පසු වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවයි සඳහන් වෙන්නේ.

පසුගිය පැය කිහිපය ඇතුළත නිව් සවුත් වේල්ස් හි පුද්ගලයන් පස් දෙනෙකු මෝටර් රථ අනතුරු තුනකින් මියගියා.

ඒ පිළිබඳ අවධානය යොමු කරන විශේෂඥයන් කියා සිටින්නේ වික්ටෝරියා සහ සවුත් ඔස්ට්‍රේලියාහිද  රිය අනතුරු හා මරණ වැඩි වී ඇති බවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

එහිදී  මාර්ගවල තත්ත්වයට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඊට අමතරව රිය අනතුරුවලට හේතු වූ සාධකද හඳුනාගත යුතුයි.

ඉන්පසු රිය අනතුරු සහ මරණ අවම කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඔස්ට්‍රේලියාවෙහි ක්‍රියාවට නැංවිය යුතු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »