වසර මිලියන 70 ක ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා ශිෂ්‍යයෙක්

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා ශිෂ්‍යයෙක් දායක වී තිබෙනවා.

 University of New England හි ආචාර්ය උපාධිය හදාරන නාදන් එන්රික්ස් මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ සති තුනක කාලයක් පරීක්ෂණවල නිරත වී තිබෙනවා.

එහිදී වසර මිලියන 70 ක් පමණ පැරණි ෆොසිලයක් සොයා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර එය නෙමටොසෝරස් විශේෂයට අයත් බවයි වාර්තා වෙන්නේ.

නෙමටොසෝරස් ෆොසිලයක් මීට පෙර සොයාගෙන තිබුණේ 1970 ගණන්වලදී පෝලන්ත කණ්ඩායමක් විසින්.

ඩයිනෝසර ෆොසිල විශාල වශයෙන් තැන්පත්ව තිබෙන ගෝබි කාන්තාරයේ කැණීම්වලට එක්වීමට හැකිවීම ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් බවයි නාදන් එන්රික්ස් පවසන්නේ. 

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »