ටෙනිස් ගනුදෙනුව ගැන වික්ටෝරියා රජයට අභියෝග

ටෙනිස් ඔස්ට්‍රේලියා වෙත ඩොලර් මිලියන හැට තුනක් ලබාදීමේ රහසිගත ක්‍රියාවලිය පිළිබඳ හෙළි කරන්නැයි වික්ටෝරියා විපක්ෂය ඉල්ලා සිටිනවා.

වසර 2022 දී එවකට වික්ටෝරියා රජය ටෙනිස් ඔස්ට්‍රේලියා වෙත ඩොලර් මිලියන හැට තුනක මුදලක් ලබා දුන් බව හෙළිව තිබෙනවා.

ඒ 2022 ප්‍රාන්ත මැතිවරණයට මාස දෙකකට පෙර බවයි සඳහන් වෙන්නේ.

බදු ගෙවන්නන්ගෙන් ලබාගත් මුදල් වලින් රහසිගත ගනුදෙනුවක් සිදුකර ඇත්තේ කෙසේදැයි ඡායා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

හිටපු ටෙනිස් ක්‍රීඩකයකුද වන ඔහු  කියා සිටින්නේ අනුග්‍රාහකත්වය මගින් විශාල මුදලක් ලැබෙන තරගාවලියකට ප්‍රාන්ත රජය රහසේ මුදල් ලබා දීම ගැටලු සහගත බවයි.

ඒ නිසා ගනුදෙනුව සම්බන්ධ සියලු තොරතුරු කඩිනමින් හෙළි කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »