TIN ඕන නැති ශ්‍රී ලාංකිකයන්

විදෙස්ගතව අධ්‍යාපනය ලබන ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් Taxpayer Identification Number හෙවත් TIN අංකය ලබාගත යුතු නැතැයි ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් විදෙස්ගත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවූ ආදායමක් ලබන්නේ නම් TIN අංකය ලබාගත යුතු බවත් පෙන්වා දී තිබෙනවා.

ස්ථිර තැන්පතු පොලී, කුලී හෝ වෙනත් ආදායම් ද මීට ඇතුළත්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් බී.කේ. සමන් ශාන්ත කියාසිටියේ ජනතාව TIN ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන බවයි.

ශ්‍රී ලංකාවේ සියලුම ආයතන සමග ජාලගත වෙමින් ආදායම් සම්බන්ධ නිවැරදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද ඔහු පෙන්වා දෙනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »