තරුණියකට ගිනි තැබූ කාන්තාවක් පොලිසියට

ගිනි තැබීමකින් තුවාල ලද ෂෙපර්ටන් හි තරුණියක් වික්ටෝරියාහි ඇල්ෆ්‍රඩ් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇයගේ තත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය කියාසිටින්නේ 20 හැවිරිදි තරුණියට 33 හැවිරිදි කාන්තාවක් ගිනි තබා ඇති බවයි.

පළා ගොස් සිටි ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

ඇගෙන් ප්‍රශ්න කරන බවද ගිනි තැබීම සම්බන්ධව තොරතුරු ලබා ගැනීම සඳහා මහජන සහාය පතන බවද පොලීසිය පවසනවා.

ගිනි තැබූ සහ ගින්නට ගොදුරු වූ දෙදෙනා එකිනෙකා හඳුනන බවත් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »