සෑම දිනකම ඔස්ට්‍රේලියා සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.
පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි.
එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා.
එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් සහ අස්ථාන ගතවීම් අතර ලොව ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ ඇමරිකා විදේශ ගමන් බලපත්‍ර වන අතර දෙවන ස්ථානය ඉතාලියද , තෙවන ස්ථානයට බ්‍රිතාන්‍යය ද නම් කර තිබෙනවා.
මේ අතර ප්‍රංශය සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ර ද සොරකම් කිරීම් සහ අස්ථාන ගතවීම් අතර ඉහළ ස්ථාන පහ අතරට එක්වෙනවා.
විදේශ ගමන් බලපත්‍රය සැමවිටම ආරක්ෂාකාරිව තබා ගැනීම වැදගත් වන අතර විදේශයකදී විදෙස් ගමන් බලපත්‍රයක් අස්ථානගත වුවහොත් ළගම පොලිස් ස්ථානයට සහ තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය දැනුවත් කරන ලෙස උපදෙස් ලබා දෙනවා.
එසේම විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් තබා ගැනීමට ද ඉදිරි කටයුතු සදහා වැදගත් වනු ඇති.