
ජීවන වියදම පාලනය සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සූදානම් බව වාර්තා වෙනවා.
ලේබර් රජයෙහි අයවැය ලබන මැයි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහිදී ජනතාවට සහන සැලසීම සඳහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ මූල්‍ය දෙපාර්තමේන්තුව සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා ආරම්භ කළා.

එතෙක් ජනතාවට සහන සැලසීම අත්‍යාවශ්‍ය බව ජනතා ඉල්ලීම්වලින් තහවුරු වන බවයි ඔස්ට්‍රේලියා රජය විශ්වාස කරන්නේ.
ඒ නිසා ජීවන වියදම අඩු කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි රජයේ ආරංචි මාර්ග කියා සිටින්නේ.
