මිල නිසා ලොව නරකම Chocolate මෙන්න

ලොව නරකම චොකලට් ශ්‍රේණිගත කිරීම් අතරට නවසීලන්තයේ නිෂ්පාදිත Whittaker’s චොකලට් වර්ගය නම් කර තිබෙනවා.

ඇමරිකානු වෙබ් අඩවියක් වන Taste – Tester විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර චොකලට් නිෂ්පාදන 25ක් මේ සඳහා යොදා ගෙන තිබුණා.

Whittaker’s චොකලට් නිශ්පාදන මෙලෙස වඩාත් නරකම චොකලට් ලෙස නම් කර ඇත්තේ එහි වූ ප්‍රමිති දෝෂ මත නොව එහි වූ අධික මිල ගනන් නිසා වීම විශේෂත්වයක්.

ඒ අනුව නරකම චොක්ලට් නිෂ්පාදන අතරට Whittaker’s පත්වීමට එහි මිලගණන් ප්‍රධාන ලෙස බලපා ඇති බව සඳහන්.

උසස් තත්ත්වයේ රසකැවිලි සන්නාමයක් ලෙස ප්‍රසිද්ධය Whittaker’s  මිල ගණන් අතින් වඩාත් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් Whittaker’s නිෂ්පාදන වැඩි වශයෙන් ආනයනය කරන රටවල් අතර ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ වනවා.

Cadbury, Nestlé, Mars, Hershey’s, Lindt and Lake Champlain Chocolates ඇතුළු විශාල සන්නාම ප්‍රමාණයක් Whittaker’s නිෂ්පාදන වලට සාපේක්ෂව හොඳ තත්වයේ පවතින චොකලට් බවයි Taste – Tester නම්කර ඇත්තේ.

අධ්‍යයනයට ලක් කල චොකලට් නිෂ්පාදන අතර වඩාත් හොද චොකලට් නිෂ්පාදනය අතින් ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ Lake Champlain Chocolate වර්ගයයි.

sourses – https://www.newshub.co.nz/home/lifestyle/2024/01/why-us-website-is-calling-whittaker-s-one-of-the-worst-chocolates.html

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »