Search

V-Line නවතින ලකුණු

සේවා කොන්දේසි කිහිපයක් මුල් කරගනිමින් වික්ටෝරියා   V-Line දුම්රිය සේවකයින් දෙවන වරටත් ජනවාරි 25 වන දින පැය 4ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වනවා.

දුම්රිය පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බර් 13 වනදා අලුයම 03 ත් පෙරවරු 07 ත් අතර කාලය තුළ සේවකයින් රාජකාරි වලින් ඉවත්ව පළමු වරට වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණා.

වර්ජනය සඳහා  V-Line කාර්ය මණ්ඩලය නිලධාරීන්, දුම්රිය සහයකයින්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාරිභෝගික සේවා කාර්ය මණ්ඩල නිලධාරීන් සහය පල කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙල්බන් හි ප්‍රධාන දුම්රිය ගමනාන්ත සියල්ලටම බලපෑම් සිදුවන බවයි වාර්තා වන්නේ.

වර්ජනයේ නියුතු  V-Line සේවකයින් ඉල්ලා සිටින්නේ වසර 4ක කාලසිමාව තුළ සියයට 17ක වැටුප් වැඩිවීමක් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සේවකයින් වෙත සහතිකයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය මෙතක් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »