Oppenheimer ට සම්මාන රැසක්

2024 Critics Choice සම්මාන උළෙලේදී Oppenheimer චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබුවා.

ජාත්‍යන්තර සිනමා ඉතිහාසය තුළ වැඩිම බොක් ඔෆින් වාර්තා බිදහෙලු බාර්බි චිත්‍රපටය ද සම්මාන උළෙලේ දී හොඳම විකට චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

මීට අමතරව හොදම රංග ඇදුම් නිර්මාණය, වසරේ හොදම චිත්‍රපට නිශ්පාදනය, හොදම චිත්‍රපට සින්දුව යන අංශ රැසක සම්මානයන්ගෙන් Barbie චිත්‍රපටය මෙවර සම්මාන උළෙලේදි සම්මානයෙන් පිදුම් ලැබුවා.

29 වන වරට පැවති Critics Choice සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ Santa Monica හි Barker Hanger වලදී වීම විශේෂත්වයක්.

මේ අතර the Holdovers, Succession , Beef සහ The Bear යන චිත්‍රපට ද මෙහිදි සම්මානයට පාත්‍ර වුණා.

වසරේ හොදම නලුවා සම්මානය The Holdover චිත්‍රපටයේ රංගනයට දායක වූ Paul Giamatti හිමිකර ගත්තා.

හොදම නිලිය සම්මානය සදහා නිර්දේශ වූ නම් අතුරින් poor Things චිත්‍රපටයෙන් රංගනයට දායක වූ Emma Stone හිමිකර ගැනීම වැඩි දෙනාගේ කතාබහට ලක්වුණා.

බාර්බී චිත්‍රපටයේ ප්‍රධාන නිලි Margoy Robbie හොදම නිලිය ලෙස සම්මානයට පාත්‍ර වනු ඇතැයි බොහෝ දෙනෙකු සදහන් කර තිබුණා.

මේ අතර රූපවාහිනි නාට්‍ය අංශයේ හොදම නිලිය සම්මානය ඔස්ට්‍රේලියාවේ Sarah Snook හිමි කරගනු ලැබු අතර ඒ Succession කතාමාලාවටයි.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »