Search

ජාතික ආරක්ෂාව හැකර්වරුන්ට

ඔස්ට්‍රේලියාවේ වැදගත් තොරතුරු රැසක් බාහිර පාර්ශව වලට ලැබී ඇතැයි හෙළි වුණා.

දත්ත පද්ධතිවලට ඇතුළුවූ රුසියාවේ කණ්ඩායමක් විසින් එම තොරතුරු ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය, ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ෆෙඩරල් රිසර්ව් බැංකුව සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී තිබෙනවා.

ඒවායෙහි අතිශය සංවේදී සහ වැදගත් දත්ත රැසක් ප්‍රහාරය එල්ල කළ පාර්ශවයට ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

ජාතික ආරක්ෂාව, නීති උපදේශන සහ බලාත්මක කිරීම හා වෛද්‍යමය තොරතුරුද ප්‍රහාරකයන් ගේ ග්‍රහණයට හසුවීම තිබෙනවා.

ඔස්ට්‍රේලියා රජය කියාසිටින්නේ කාර්යාල 62 ක දත්ත පද්ධතිවලට සයිබර් ප්‍රහාරකයන් ඇතුළුවී ඇති බවයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »