මේරි රැජින වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙ සැමරුම් උත්සව

හොබාර්ට් හි උපත ලද මේරි ඩොනල්ඩ්සන් ඩෙන්මාර්ක් රැජින වීමේ ප්‍රීතිය ප්‍රදේශවාසීන් සමරන බව වාර්තා වෙනවා.

විශාල පිරිසක් විවිධ ස්ථානවල සැමරුම් පවත්වන අතර ඇගේ මවගේ යෙහෙළියන් ද ඔවුන්ගේම සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේරි රැජිනගේ ඥාතීන් ද සැමරුම් කිහිපයක් පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

වසර 52 ක් ඩෙන්මාර්ක් පාලනය කළ දෙවන මාගරීතා රැජින සිහසුන අත්හැරීමෙන් පසු දසවන ෆෙඩ්‍රික් රජු ලෙස මේරි රැජිනගේ ස්වාමි පුරුෂයා ඩෙන්මාර්ක් නීත්‍යානුකූල රාජ්‍යත්වය හිමිකර ගත්තා. 

ඒ අනුව ඔස්ට්‍රේලියාවෙන් ඉතිහාසයේ බිහිවූ පළමු රැජින බවට මේරි ඩොනල්ඩ්සන් පත්ව තිබෙනවා.

හොබාර්ට් උපන් ගමෙන් පිටත ඔස්ට්‍රේලියාවේ වෙනත් ස්ථාන රැසක ද ඇගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ප්‍රීති උත්සව සංවිධාන කර තිබුණා.

 

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »