Search

ඔස්ට්‍රේලියාවට අලුත්ම දෙන්නෙක්

නව ගෝනුසු විශේෂ දෙකක් ඔස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබෙනවා.

එහෙත් එම විශේෂ දෙක  දැඩිව අවදානමට ලක්වී ඇති බවයි හෙළිව තිබෙන්නේ. 

ජලය බැස යන කානු පද්ධති සහ කලපු ආශ්‍රිත ප්‍රදේශවලට මෙම නව විශේෂ දෙක සීමාවී ඇති  බවයි සඳහන් වෙන්නේ. 

සෙන්ටිමීටර් හතකට වැඩි දිගින් යුත් කහ පැහැති ස්වරූපයක් මෙම විශේෂ දෙකටම පවතින බවයි වාර්තා වෙන්නේ. 

විශේෂ දෙක වෙන්කර ගත හැක්කේ ගෝනුසු ප්‍රජනන පද්ධතියෙන් බවද සඳහන්. 

ලෝකයේ ගෝනුසු විශේෂ 3000 ක් පමණ සිටින අතර ඔස්ට්‍රේලියාවේ ඇත්තේ ඉන් විශේෂ 47 ක් පමණයි. 

ගෝනුස්සන් සම්බන්ධ නීති නැතිවුවද, සුරතලුන් ලෙස ගෝනුස්සන් ඇති කිරීමට නෝදන් ටෙරිටරි හා ක්වීන්ස්ලන්ඩ් හිදී අවසර ලබාගත යුතු වෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »