
කෘතිම බුද්ධිය භාවිතය සම්බන්ධ නීති සැකසීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.
විශේෂ උපදේශක මණ්ඩලයක් ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගතව සහ නිවැරදිව භාවිත කිරීමට ජනතාව යොමු කරවීමයි රජයේ අරමුණ.

එමගින් උද්ගත විය හැකි ගැටලු පාලනය කරගත හැකි බව රජය පෙන්වා දෙනවා.
ඒ නිසා කෘතිම බුද්ධිය නිවැරදිව භාවිත කළ හැකි පසුබිමක් නීතිමය වශයෙන් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉදිරි දශකයේදී කෘතිම බුද්ධිය හේතුවෙන් ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන හතරක් පමණ එක්වනු ඇතැයි ද රජය විශ්වාස කරනවා.