E cigarette සම්බන්ධ ලිඛිත උපදෙස් මාලාවක්

E cigarette භාවිතය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ ළමුන් වෙනුවෙන් ලිඛිත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ළමුන් දැනුවත් කරමින් අයහපත් පුරුද්දෙන්  ඔවුන් ගලවා ගැනීමට ගුරුවරුන්ට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නව යොවුන් වියේ දරුවන් විද්‍යුත් දුම්වැටි භාවිතයට නැඹුරුතාවක් දක්වන බව හෙළිවුණා.

ඒ අනුව පාසැල් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමයි සෞඛ්‍ය අංශවල  අරමුණ වී තිබෙන්නේ.

වික්ටෝරියා හෙල්ත් ප්‍රධාන විධායක වෛද්‍ය සැන්ඩ්‍රෝ ඩෙමායෝ කියාසිටින්නේ අවුරුදු 7 ත් 10 ත් අතර දරුවන්ට මෙහි අයහපත් ප්‍රතිඵල වටහා දීමෙන් ඔවුන්ට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කළ හැකි බවයි. 

වයස 12 ත් 20 ත් අතර පිරිසෙන් සියයට 30 ක් E cigarette භාවිත කරන බවයි හෙළිව තිබෙන්නේ.

කෙසේවෙතත් මේවනවිට ඒවා අලෙවිය තහනම්ව තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »