සියයට 74 ක ප්‍රධානතම ගැටළුව ජීවන වියදම

ජීවන වියදම පාලනයට ඔස්ට්‍රේලියා රජය ප්‍රමාණවත් පියවර නොගන්නා බව බහුතර ජනතාව පවසන බව හෙළිවුණා.

The Freshwater Strategy මෙහෙයවූ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියා ජනතාවගෙන් සියයට අසූ එකක් ජීවන වියදම අඩු කිරීමට රජය මැදිහත් වී නැතැයි සඳහන් කළ බවයි.

ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනතාවට ගැටලු රැසක් මතුව ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

එහෙත් ඒවා විසඳීමට රජය කිසිදු වැදගත් පියවරක් නොගන්නා බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

මේ අතර අධ්‍යයනයට ලක් වූ පිරිසෙන් සියයට හැත්තෑ හතරක් කියා සිටින්නේ ඔවුන්ට ඇති ප්‍රධානතම ගැටළුව  ජීවන වියදම වැඩිවීම බවයි.

නිවාස නොමැතිවීම සහ නිවාස මිල වැඩිවීම සියයට හතළිස් එකකට ගැටලුව වී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවුණා.

භාණ්ඩ මිල වැඩිවීම, විදුලිය ඇතුළු බලශක්ති මිල ඉහළ යාම, පොලී අනුපාත වැඩිවීම සහ ප්‍රවාහන වියදම් දරා ගත නොහැකි වීම සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරන බවයි අධ්‍යයනයෙන් හෙළි වී තිබෙන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »