පිටසක්වළ ජීවීන් තුළ සුනඛ, කුරුළු, මිනිස් ඇට කැබලි සහ කඩදාසි

මෙක්සිකෝ සමුළුවට ඉදිරිපත් කරන ලද පිටසක්වළ ජීවීන්ගේ මමී යැයි සඳහන් කළ ව්‍යුහ මිනිස් නිර්මාණ බව හෙළිව තිබෙනවා.

පෙරු රාජ්‍යයේ අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාඥ ෆ්ලේවියෝ එස්ට්‍රාඩා කියාසිටින්නේ මමී යැයි සඳහන් කළ ව්‍යුහ කෘත්‍රිමව සකසා ඇති බවයි.

කඩදාසි, මැලියම්, කුරුළු ඇට කැබලි සහ මානව ඇට කැබලි ද ඊට යොදාගෙන තිබෙනවා.

ඇතැම් ස්ථානවලට සුනඛ අස්ථි කොටස් ද භාවිත කර ඇති අතර ඇඟිලි තුනක අත නිර්මාණය සඳහා මිනිස් ඇට කැබලි යොදාගෙන තිබෙනවා

ලැබුණු ව්‍යුහ සම්බන්ධව මානව විද්‍යාත්මක පර්යේෂණ සිදුවූ අතර, ව්‍යුහ ගොඩනැගීම අතිශය ප්‍රාථමික තත්වයක ඇති බවද එස්ට්‍රාඩා පෙන්වා දෙනවා.

මෙක්සිකෝ කොංග්‍රසයට මෙම ව්‍යුහ ඉදිරිපත් කරන ලද්දේ දුර්ලභ පිටසක්වල ජීවී මමී ලෙස හඳුන්වා දෙමින්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »