පියා පිටුපස ආ දියණිය පියාගේ මෝටර් රථයට බිලිවෙයි

තම පියාගේ මෝටර් රථයට යටවී වයස අවුරුදු එකහාමාරක් වයැසැති ගැහැණු දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ සිඩ්නි හි ටුන්ගාබී ප්‍රදේශයේ පදිංචිව සිටි දියණියක්.

මියගිය දැරියගේ පියා සිය මෝටර් රථය නිවස ඉදිරිපිට හරවන අවස්ථාවේදි දැරිය මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

පියා නිවසින් පිටවයෑමත් සමග දරුවාද ඔහු පසුපස පැමිණ ඇති අතර දරුවා ඒ අසල සිටිනු ඔහු දැක නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැරිය රෝහල් ගතකරන විටත් මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා ඉදිරි පරීක්ෂණ සදහා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෑම වසරකම මෙවැනි අනතුරු හේතුවෙන් අවම වශයෙන් වයස අවුරුදු 4ට අඩු ළමුන් 8 දෙනෙකු පමණ මිය යන අතර 60කට ආසන්න ළමුන් පිරිසක් තුවාල ලබන බවයි වාර්තා වන්නේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »