කාන්තාවකට දුම්රියේදී අතවර කළ  පුද්ගලයෙකු  අත්අඩංගුවට

කාන්තාවකට දුම්රියේදී ලිංගික අතවර කළ  පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සවුත් ඕස්ට්‍රේලියා පොලිසිය කියාසිටින්නේ සීෆෝඩ් ලයින් දුම්රියේදී කාන්තාව අතවරයට ලක්ව ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ විසි එක් හැවිරිදි සැකකරු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහුට ඇප ලබාදී නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සවුත් ඔස්ට්‍රේලියා පොලිසිය පවසනවා.

මීට දින කිහිපයකට පෙර ද දකුණු ඔස්ට්‍රේලියාවේ දුම්රිය ස්ථානයකදී කාන්තාවකට ලිංගික හිරිහැර සිදුව තිබෙනවා.

ඊට සම්බන්ධ සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »