පෙට්‍රල්, ඩීසල් සහ හයිබ්‍රිඩ් රථවාහන සම්පූර්ණයෙන්ම ඉවතට

පෙට්‍රල්, ඩීසල් සහ හයිබ්‍රිඩ් රථවාහන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට Uber Australia සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉලෙක්ට්‍රික් රථවාහන භාවිතය වැඩිකර ඇති බවයි සමාගම පවසන්නේ.

මේ වන විට දෛනිකව ධාවනය වන ඉලෙක්ට්‍රික් රථවාහන සංඛ්‍යාව තුන් දහස් හාරසියයක්.

ඒවායෙන් දෛනික ගමන් වාර දහතුන් දහසක් පමණ සිදුවන බවයි Uber Australia පෙන්වා දෙන්නේ.

වසර 2040 වනවිට පෙට්‍රල්, ඩීසල් හෝ හයිබ්‍රිඩ් කිසිදු රථයක් සේවා සඳහා යොදා නොගැනීමයි සැලසුම වී තිබෙන්නේ.

මේ අතර ඉලෙක්ට්‍රික් රථවාහන භාවිතය නිසා අය කෙරෙන ගාස්තු අඩු කළ හැකි බවද සමාගම පෙන්වා දෙනවා.

ඌබර් සමග ඉලෙක්ට්‍රික් රථ වාහන ප්‍රවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සමගාමීව නොමිලේ ප්‍රවාහන පහසුකම් මෙල්බන් ආශ්‍රිත ජනතාවට සැපයීමට Uber Australia සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »