මිලදී ගැනීමට පෙර විමසන්නට උපදෙස්

මුල්ම නිවස හෝ දේපළ මිලදී ගැනීමට පෙර ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් බව ඔස්ට්‍රේලියා ජනතාවට අවධාරණය කෙරෙනවා.

හෝම් බ්‍රෝකර් ඩැනී බ්ලෙයාර් කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ දේපළ මිල වැඩි වී ඇති බවයි.

ඇතැම් කාලවලදී දේපළ සම්බන්ධ විවිධ ප්‍රවණතා ඇතිවෙයි.

ඒවායෙහි අයහපත් බලපෑම් වලින් මිදීම සඳහා වෙළඳපළ පර්යේෂණයක නිරතවීම වැදගත් බවයි ඔහුගේ අදහස. 

දේපළ සඳහා පළමු ණය මුදල ලබා ගන්නන් තැන්පතු, විවිධ ණය යෝජනා ක්‍රම, සහන සහ විවිධ විකල්ප රටා පිළිබඳ  අවධානය යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා විශේෂඥ සහාය ලබාගැනීම  වැදගත් වෙනවා.

එමගින් දේපළ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබාගත යුතු ක්‍රමය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි අතර ඉන් ඇති විය හැකි ආතතියෙන් සහ පීඩනයෙන් මිදීමට එය සාධකයක් වන බවයි බ්ලෙයාර් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »