වික්ටෝරියා වෙරළාශ්‍රිතව දියේ ගිලීමෙන් තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වික්ටෝරියා වෙරළාශ්‍රිතව දියේ ගිලීමෙන් තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ස්ථාන දෙකකදී ඔවුන්ගේ සිරුරු සොයාගත් අතර, තවත් පුද්ගලයෙකුගේ සිරුරක් මෙල්බන් උතුරු ප්‍රදේශයේ කලපුවක් ආශ්‍රිතව තිබී සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගොස් ඇති පුද්ගලයන් කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහජන සහාය ලබාගන්නා බවයි පොලීසිය පවසන්නේ. 

මේ අතර මුහුදේ ගිලී යාමෙන් සිදුවන මරණ අවම කිරීමේ වැඩපිළිවෙළක් ඔස්ට්‍රේලියාවේ සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා විශේෂිත App එකක් හඳුන්වාදීමටයි පියවර ගැනෙන්නෙ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »