
ඉපැරණි ආදිවාසී කලා භූමියක් විනාශවීමේ අවදානමට ලක්ව තිබෙනවා.
මෙලෙස අවදානමට ලක්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් හි Bulgandry Aboriginal Art ආදිවාසී කලා භූමියයි.
ඇතැම් පිරිස් මෙහි වු පෞරාණික වටිනාකමක් සහිත ඉපැරණි කැටයම් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදිම මෙම ඉපැරණි ආදිවාසී කලා භූමි මිනිස් ක්‍රියා හමුවේ විනාශ වි තිබුණා.
මේ හේතුවෙන් කලාපයේ ආරක්ෂක කැමරා සවිකිරීමට කටයුතු කළ ද ඉන් අපේක්ෂිත ආරක්ෂාවක් නොලැබ ඇති බව සඳහන්.

වසර දහස් ගණන් ඉපැරණි කැටයම් විකෘති කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම විනාශ කර තිබීම වඩාත් බරපතල තත්වයක් බව සැළකෙණවා.
කෙසේ වෙතත් ඉපැරණි ආදිවාසී කලා භූමියෙහි වැඳගත් කම හුවා දක්වමින් පුවරු සවිකර තිබුණ ද එය නොතකා ඇතැම් පිරිස් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.
ගල් තලා මත විකෘති රූප අදිමින් කටයුතු කරන පුද්ගලයින් හට ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බව බලධාරීන් නිවේදනය කර තිබෙනවා.