නිවසක් මිලදී ගැනීමට අපහසුම කාලය මෙන්න

වසර 12 ක් ඇතුළත නිවසක් මිලදී ගැනීමේ අපහසුතම කාලය 2023 බවට මත පළ වෙනවා.

ඔස්ට්‍රේලියා හෝම් බ්‍රෝකර් ඩැනී බ්ලෙයාර් කියාසිටින්නේ, පළමුවෙන්ම නව නිවසක් මිලදී ගන්නා පුද්ගලයන් ගැටලු රැසකට මුහුණ දුන් බවයි.

එයට ප්‍රධාන හේතුව පොලී අනුපාත අඛණ්ඩව වර්ධනය වෙමින් තිබීමයි.

නිවාස සැපයුම ද පහත වැටී තිබුණු බව ඔහු පෙන්වා දෙනවා.

ආර්ථිකය වෙනස් වූ ආකාරයට ගැලපෙන ලෙස වැටුප් වැඩි නොවීමද නිවාස මිලදී ගැනීමට බාධා මතු කළ සාධකයක්. 

එහෙත් නිවාස මිලදී ගැනීමට උත්සාහ දරන්නන් සිටි බවයි බ්ලෙයාර් සඳහන් කරන්නේ. 

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »