කාටත් පහසු වීසා ක්‍රමයක්

ඔස්ට්‍රේලියා විසා බලපත්‍ර සරල කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

විසා බලපත්‍ර ලබාදීමේ දි පමණක් නොව විදේශ ප්‍රතිපත්තීන් ඇතුලු විධිමත් පරිපාලනය ක්‍රම මෙන්ම වඩාත් හොද තාක්ෂණික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව සඳහන්.

පසුගිය දෙසැම්බර් 11 වනදා ඔස්ට්‍රේලියා රජයේ සංක්‍රමණ උපායමාර්ග පද්ධතිය එළිදැක්වු අතර අරමුණු 8ක් යටතේ මෙම වසර තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා සංක්‍රමණ පද්ධතිය සඳහා නව දැක්මක් ගෙන හැර දැක්වීම එහි අරමුණයි.

මෙරට සංක්‍රමණ පද්ධතිය සම්බන්ධයෙන් පැවති සමාලෝචනයේ දි යෝජනා 450කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් ව තිබුණා.

එම යෝජනා සැලකිල්ලට ගනිමින් නව උපායමාර්ග සංක්‍රමණ පද්ධතිය  තුළ ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සුදානම් බව සඳහන්.

සමස්ථ සංක්‍රමණ පද්ධතිය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරිමට හැකියාවක් නොමැති අතර අත්‍යාවශ්‍ය අංශ ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ක්‍රියාත්මක වීමේ වැඩපිලිවෙලක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »